Relief Service |
![]() |
![]() |
![]() |
Written by authority |
Monday, 03 July 2017 09:49 |
ගං වතුරෙන් විපතට පත් ජනතාවට සමෘද්ධියෙන් මුළුතැන්ගේ උපකරණ කට්ටල.
අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාවට රුපියල් 4000ක් පමන වටිනා මුළුතැන්ගේ උපකරණ කට්ටල 1250 ක් බෙදා දුන්නේය.
අමාත්‍යවරයා නියෝජනය කරමින් ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා කහදූව මහා විහාරයේදී මෙම උපකරණ බෙදා දීමට එක්වූ අතර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන් මෙම කටයුත්තට සහය දුන්හ.
සමෘද්ධි මුළුතැන්ගේ උපකරණ සහන මලු බෙදාදීම රෑකඩහේන සණස ශාලාවේදී හා පිණිකහන පංසල අසල ශාලාවේදීත් පැවැත්විය.
Click Display Photo Gallery |
Last Updated on Monday, 03 July 2017 09:54 |