Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව
pictureලලිතා ජයවර්ධන

සමෘද්ධියෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිවිමග ජයගත් හොදම දිරිය කාන්තාව ලලිතා

විදුලිපුර සමෘද්ධි සමිතිය නියෝජනය කරන විදුලිපුර සමෘද්ධි බැංකු සංගමය නියෝජනය කරන ඇය ලලිතා ජයවර්ධනයි.

99 වසරේ සමෘද්ධි බැංකු සංගමයෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාදෙමින් කඩල පැකට් කිරීම ආරම්භ කළ ලලිතාට සිය පවුලේ සහයෝගයද නොඅඩුව ලැබිණ. වරිච්චි මැටි ගෙය තුළ දී පැකට් කල කඩල ගෙන ලලිතා ප්‍රදේශයේ වෙළදසැලක් ගානේ ඇවිද ගියාය. අලුතින්ම ගෙන එන නිෂ්පාදන අලෙවිකර දීමට වෙළදසැල් හිමියන් මැලිකමක් නොදැක්වූවාම නොවේ. නමුත් ලලිතා තුල වූ සුහදශීලී වචන ගැලපීම හා කැපවීම මත ඇය එම අභියෝග ජය ගත්තාය. 2000 වසර වන විට ඇගේ ව්‍යාපාරයේ කිසියම් ජීවයක් ලබා තිබුණ බැවින් විදුලිපුර සමෘද්ධි සමිතියේ සාමාජිකාවන් සේවයට බදවා ගත්තාය. ඉන් වසර දෙකක් ඉක්මවන විට ව්‍යාපාරය සදහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට ඕ සමත් විය. ඒ සමගම ඇය ළග සේවය කරන සේවිකාවන් සංඛ්‍යාව තුන්දෙනෙක් විය. කඩල පැකට් කරන කටයුත්තට අමතරව රට කජු, කහ කඩල, ගම්මිරිස්, කුරුදුපොතු ගොරකා, එනසාල් වගේ දේවල්ද පැකට් කිරීම තම ව්‍යාපාරයට ලලිතා ඒකතුකර ගත්තේ 2002 වසරේදීය. ඇය කියන විදියට ඉස්සර උරහිස් ඉදිම්, රිදුම් දෙනතුරු වෙළද සැලට නිශ්පාදන ඔසවාගෙන ගිය ලලිතා පොදු ප්‍රවාහන සේවය ඔස්සේ තම නිශ්පාදන අලෙවි කිරීම අරඹමින් අලෙවි වපසරිය පුළුල් කලේද මෙම වකවානුව තුලය.

2006 වසරේදී ලලිතා තවත් සාමාජිකාවන් දෙදෙනෙකුට තම ව්‍යාපාරික ස්ථානයේ රැකියා ලබා දීමට සමත් විය. සමෘද්ධි වැඩසටහන යටතේ වෙනත් ආයතන සමග ඒකාබද්ධව ලබා දුන් පුහුණු කිහිපයකට සහභාගි වූ ඇය සමෘද්ධි බැංකුවෙන් රු. 25,000/= ක ණය මුදලක් ලබාගෙන තම ව්‍යාපාරයට තවත් අංග කිහිපයක්ම එක් කලාය. ලුණු දෙහි, මික්සර්, අච්චාරු වර්ග, උම්බලකඩ සම්බල්, සහල් ආශ්‍රිත නිශ්පාදන, උදු පිටි නිශ්පාදන ඉන් කිහිපයකි. බස් රියෙන් නිශ්පාදිත ද්‍රව්‍ය ප්‍රවාහන කල ඇය කුලී රථයක සහයෝගය ලබා ගත්තේද මෙම වකවානුව තුලදීය.

ලලිතා රස කැවිලි නිශ්පාදන ආරම්භ කලේ 2008 වසර මුල් කාලය තුලදීය. උසස් ප්‍රමිතියකින් ඉල්ලුමට සරිලන නිශ්පාදන සපයන ලලිතාගේ නිශ්පාදන ද්‍රව්‍ය වලට හොද ඉල්ලුමක් ලැබිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාව, හොදම ව්‍යවසායිකාව වශයෙන් ඇය සම්මානයට පාත්‍ර වූයේ 2008 වසර තුලදීමය. ඒ වනිතා කටයුතු අමාත්‍යාංශය මෙහෙය වූ තරගයකදීය.

වෙළද මාර්ග 17 පුරා වෙළදසැල් වල ඇය විසින් නිෂ්පාදනය කරන දිල් නුවන් නිශ්පාදන 27 ක් අලෙවි වන අතර ව්‍යාපාරික ස්ථානයට යාබදව කුඩා වෙළදසැලක් පවත්වාගෙන යනවා විතරක්ම නොව එළවළු, පලා වර්ග, පළතුරු හා ඔසු උයනකින් සමන්විත ගෙවත්තක්ද පවත්වාගෙන යන්නීය.

දියුණු වන විට මුල අමතක වනවා ය‍නු අප අසා, අත්විද ඇති සුලබ සිද්ධියකි. නමුත් ලලිතා මුල අමතක නොකල සමෘද්ධිලාභිනියකි. ඉඩක් ලද හැම විටම ඇය ගමේ සමෘද්ධි බැංකුවට පමණක් නොව සමෘද්ධි මහා සංගමයට ද පැමිණ සුවදුක් විමසන්න අමතක නොකරයි. හැමදාමත් ඇයට උදව් කල සමෘද්ධි නිළධාරීන්ට. කළමණාකරුවන්ට, මහා සංගම් අධ්‍යක්ෂිකාවන්ට පමණක් නොමෙයි ඇගේ නිෂ්පාදන රස විදින හා අලෙවි කරන වෙළදසැල් හිමියනට ඇය ස්තුති කරන්නේ හද පුරාය.




pictureජී.බණ්ඩාර මැණිකා


pictureලලිතා ජයවර්ධන