Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව
pictureජී.බණ්ඩාර මැණිකා

" මගේ ව්‍යාපරය පටන් ගත්තේ ලණු මෝලෙන් "

බණ්ඩාර මැණිකේගේ කතාව

මම ජී.බණ්ඩාර මැණිකා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බලදිවැව පදිංචිවෙලා ඉන්නේ. මම දැනට කොහු ඉදල් සෑදිම කරගෙන යනවා. මට දැන් වයස අවුරුදු 44යි. 6 වන ශේණිය දක්වා මම පාසල් අධ්‍යාපනය ලැබුවා. මම විවාහ වෙලා මගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා.

මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් මම ලණු මෝලක් පවත්වාගෙන ගියා. ඒකෙන් මම මසකට රු.5000/- ක පමණ ආදායමක් උපයාගත්තා. පවුලේ ආර්ථික ප‍්‍රශ්න නිසා මට ජිවත්වෙන්න තරම් මේ මුදල ප‍්‍රමාණවත් නැති නිසා මම තව මොනවා හරි කරලා මුදල් උපයන්න හිතුවා. එභෙම හිතලා තමයි ඉදල් කොහු හදන්න පෙළඹුනේ. මම මේක පටන් ගත්තේ 1998 දී. මේ සඳහා මට උදව් කළේ සමෘද්ධි බැංකුව. බැංකුවේ පාලක මණ්ඩල සභාපති සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්තයා මට උදව් කළා. මම මුලින් රු. 5000/- ක ණය මුදලක් සමෘද්ධි බැංකුවෙන් ලබාගත්තා. ඊට පසුව ක‍්‍රමයෙන් රු. 10,000/- , 20,000/- , 50,000/- ආදී වශයෙන් ලබාගත් ණය මුදල් වාරික වශයෙන් පිළිවෙලට ආපසු ගෙවීම නිසා මට ණය ලබා ගැනීම පහසු වුණා. මේ නිසා මට මගේ ව්‍යාපාරය දියුණු කරගන්න පහසුවෙන් පුළුවන් වුණා.

මම මගේ ව්‍යාපාරයට ගෙදර අයගේ සහයෝගය ලබාගන්නවා. කියන්න සතුටුයි ඊට අමතරව තවත් අසල්වාසී 3 දෙනෙකුට මගේ ළඟ රැකියාව කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මට මගේ ව්‍යාපාරයෙන් මේ වන විට අත් ට‍්‍රැක්ටරයක් ද ලබා ගැනීමට හැකි වුණා.

ඒ වගේම මගේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නත් මේ ව්‍යාපාරය තමයි ශක්තියක් වෙලා තියෙන්නේ.

මට ඉදිරියට මේ ව්‍යාපෘතිය තවත් දියුණු කරගෙන යන්න ණය මුදලක් තිබේ නම් එය මහඟු පිටු වහලක් වෙනවා. මගේ වැඩ පල අලුත්වැඩියා කර ගැනීමටත් මෙම කර්මාන්තයට අවශ්‍ය කරන මැෂිමක් ලබාගැනිමටත් මෙමගින් මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා උදාකර දීමෙන් සාර්ථක කොහු ඉදල් සැකසීමේ ව්‍යාපෘතියක් කරගෙන යාමෙන් තවත් දියුණු වෙන්නයි මට ඕනෙ.




pictureජී.බණ්ඩාර මැණිකා


pictureලලිතා ජයවර්ධන