Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව පැණ විසඳුම්
ප්‍රශ්න හා පිළිතුරු

 

ඕනෑම අඩු ආදායම් ලාභියෙකුට සමෘද්ධි බැංකු සාමාජිකත්වය ලබා ගත හැකි අතර, සමෘද්ධි සහනාධාර ලාභියෙකු වීම අත්‍යවශ්‍යම නොවේ. එබැවින් ;

  • ඔබ ජීවත් වන ග්‍රාම නිළධාරී වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියා හමුවී ඔහුගේ උපදෙස් පරිදි ඔබ ග්‍රාම නිලධාරී වසමේම, පස් දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගන්න.
  • ඔබගේ කුඩා කණ්ඩායමේ සාමාජිකයන් සමග ගම්මාන සමෘද්ධි සමිතියේ ද සාමාජිකත්වය ලබා ගන්න.
  • සමෘද්ධි සංවර්ධන නිලධාරිගෙන් ලබාගෙන සම්පූර්ණ කල බැංකු සාමාජික අයදුම්පත සමග සමෘද්ධි බැංකු සංගම් කළමණාකරු හමුවන්න.
  • කළමණාකරුගේ මග පෙන්වීම පරිදි ඔබ සියළු දෙනාම සාමාජික ගිණුම් අරඹන්න.
  • කුඩා කණ්ඩායම වෙනුවෙන් වෙනම ම කණ්ඩායම් ගිණුමක්ද අරඹන්න.
  • සමෘද්ධි බැංකුවේ සාමාජිකයෙකු වූ ඔබ පහත ප්‍රතිලාභ ලැබීමට සුදු‍ස්සෙකු වේ.
    • සාමාජික තැන්පතු සදහා ඉහල පොලියක්.
    • අවම පොලියක් යටතේ, දේපළ ඇප රහිත බැංකු ණය.
    • නිවසේ සිටම ණය වාරික ගෙවීම හා මුදල් තැන්පත් කිරීමේ පහසුකම්.
    • ඔබගේ තැන්පතු සදහා ඉහලම රාජ්‍ය ආරක්ෂාව.
    • ජීවනෝපාය ව්‍යාපෘති සදහා සැලසුම් සහ තාක්ෂණික උපදෙස්.
    • නිෂ්පාදන සඳහා වෙළඳ‍පලක්.

  • සාමාන්‍ය ඉතුරුම් සදහා වන ගිණුම හා කොටස් මුදල් ගිණුම ලෙස ඔබගේ බැංකු සාමාජික ගිණුම අංශ දෙකකින් සමන්වතය.
  • ණයක් ලබා ගැනීමට නම්, රු500/= ක වටිනාකමකින් යුත් එක් කොටසක් හෝ ගෙවා සම්පූර්ණ කර තිබිය යුතුය.
  • කොටස් මුදල් එකවර ‍‍ගෙවා සම්පූර්ණ කල යුතු නොවේ.
  • සම්පුර්ණ කරන ලද ‍කොටස් අගය මෙන් දස ගුණයක් දක්වා ණය අයදුම් කල හැක.
  • එසේම අයදුම් කරන ණය මුදලින් 25% කට සමාන ප්‍රමාණයක් හෝ එය ඉක්මවන ලද මුදලක් එම අවස්ථාවේ කණ්ඩායම් ගිණුමේ තැන්පතු ලෙස පැවතිය යුතුය.
  • කණ්ඩායමේ සාමාජිකයන් සියළු දෙනාටම එකිනෙකාට ඇප වී ණය අයදුම් කල හැකි අතර තම තමන්ගේ සාමාජික ගිණුම් වල අවශ්‍ය කොටස් මුදල් සම්පූර්ණ කර තිබිය යුතු මෙන්ම වැඩිම ණය මුදල අයදුම් කරන සාමාජිකයාගේ ණයෙන් 25% කට සමාන හෝ ඊට වැඩි මුදලක් කණ්ඩායම් ගිණුමේ පැවතීම ප්‍රමාණවත්ය.
  • ඔබගේ ණය අයදුම්පත කළමණාකරු විසින් සමෘද්ධි බැංකු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කිරීමෙන් අනතුරුව ණය නිකුත් කරනු ඇත.
  • ස්වයං රැකියා හෝ වගා ණය ලෙස පළමුවෙන්ම ලබා ගත හැකි ණය මුදල උපරිම රු 5000/= ක් පමණි.
  • ඔබ විසින් ලබා ගත් ණය සදහා වාරික හා පොලී, වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මාර්ගයෙන්ද සිදු කල හැක.
  • ණය මුදල ලබා ගැනීමට පෙර, එක් සුළු වාරිකයක් පමණක් ගෙවා ඔබ විසින් දායක වන " සමූහ සංරක්ෂණ අරමුදල " තුලින් ඔබේ දේපල මෙන්ම ජීවිත සදහා ද වන හානිද ආවරණය කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 18 වෙනි සෙනසුරාදා, 16:27