Sinhala (Sri Lanka)English (United Kingdom)
நீங்கள் இங்கே உள்ளீர்கள்:  : முகப்பு
Samurdhi Authority - Sri Lanka
Degree Programme
Thursday, 02 February 2017 12:17
There are no translations available.

'සමාජ වැඩට' ජපුරෙන් උපාධියක්

සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියළුම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමීමේ මූලික අවබෝධතා ගිවිසුමට අද (01) දෙපාර්ශවයම අත්සන් තැබීය.

මේ අනුව දැනට ජාතික සමාජ සංවර්ධන ආයතනය පිරිනමන 'සමාජ වැඩ' උපාධියත් එහි පශ්චාත් උපාධි පාඨමාලාව හා සෙසු ඩිප්ලෝමා පාඨමාලාවන් සියල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමෙනු ඇත.

අද බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග කලාපීඨාධිපති මහාචාර්ය චන්ද්‍ර කුමාර් , සමාජ විද්‍යා අධ්‍යන අංශ පීඨාධිපති මහාචාර්ය මයුර සමරසිංහ හා කළමනාකරණ අංශ පීඨාධිපති මහාචාර්ය වීරකෝන් බංඩා යන මහත්වරුන්ද ජාතික සමාජ සංවර්ධන ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් රිඩ්ලි ජයසිංහ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයද අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනවිරත්න හා අතිරේක ලේකම් සමන් උඩවත්ත යන මහත්වරු හා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ද එක්වීය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනවිරත්න හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ගිවිසුම් හුවමාරු කරගත් අයුරු

 

 

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මුල්‍ය අංශයේ මෙහෙවීමෙන්  සංවිධානය කරණ ලද පොසොන් පොහෝදින වැඩසටහන

    සමෘද්ධි සමාජ සංවර්ධන අංශය හා ප්‍රජාමූල අංශයේ මෙහෙයවීමෙන් සමතකරණය හා අරුණළු ණය පිලිබදව   හොරතැපොල සමෘද්ධි ප්‍රජාමූල සංවිධනයේ සාමාජිකයින් දනුවත් කිරීමක්  2025.04.08 දින හොරතැපොල ප්‍රජාශාලාවේදී සිදු විය .සංවිධානය සමෘද්ධි සංවර්ධන නිලඩාරිනී ටී.එම්.කුසුමාවතී මහත්මිය.සම්පත්දායකත්වය සමත නිලධාරිනී නයෝමි මහත්මිය හා ප්‍රජාමූල සංවර්ධන නිලධාරිනී සන්ද්‍යා පුෂ්පාංජලී මහත්මිය  මෙම අවස්තාවට සමාජ සංවර්ධන නිලධාරී ආර්.එම්.එස්.කේ.බංඩාර මහතා සහභාගි විය .

    Facebook Link

    செய்திகள்

    கடைசியாக புதுப்பிக்கப்பட்டது : 02-07-2025.